අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ආර්යාව නාකුළුගමුවේ හේමාලෝක හිමියන්ගේ සුවදුක් විමසයි

    ජූනි 03, 2014
    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ඊයේ (02) ජාතික රෝහල වෙත ගොස් රෝගාතුරව එහි ප්‍රතිකාර ලබන පූජ්‍ය නාකුළුගමුවේ හේමාලෝක හිමියන්ගේ සුවදුක් විමසීමට කටයුතු කළාය.
     
    තංගල්ල, නෙටොල්පිටිය පුරාණ රජමහා විහාරයේ වැඩසිටි පූජ්‍ය නාකුළුගමුවේ හේමාලෝක හිමියන්ගේ රෝගී තත්ත්වය සැල වූ වහාම උන්වහන්සේ කොළඹට ගෙන්වා අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමට කටයුතු කරන ලද්දේ ද ජනාධිපති ආර්යාව විසිනි.
     
    උන්වහන්සේගේ සුවදුක් විමසීමට ජාතික රෝහල වෙත ගිය එතුමිය උන්වහන්සේගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු පිළිබඳවද සොයා බැලීය.
     
    කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය වජිර සේනාරත්න, වෛද්‍ය දමිත් පියදිගම මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB
     
    FIRST LADY GENERAL HOSPITAL 1
     
     
     
    FIRST LADY GENERAL HOSPITAL 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya