නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨ 250 ඉදිකිරීම අද දිවයින පුරා ඇරඹෙයි

    ජූනි 02, 2014
    2014 වසර තුළදී මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨ 250ක් ඉදිකොට අවසන් කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (02) කොළඹ ලුම්බිණි විද්‍යාලයේදී පැවැත්වේ.
     
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයේදී තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබේ.
     
    අ.පො.ස. උසස් පෙළ සඳහා තාක්ෂණවේදය විෂය ධාරාව හදාරණ සිසුන්ට ඉංජිනේරු හා ‍ජෛව පද්ධති තාක්ෂණයට අවශ්‍ය පහසුකම් සැලසීම මේ විද්‍යා පීඨ ආරම්භ කිරීමේ අරමුණ වන අතර මේ සඳහා වැයකරන මුදල රුපියල් මිලියන 65කි. 
     
    සමාරම්භක උත්සවයට සමගාමීව අද දිවයින පුරා තෝරාගත් පාසල්වල මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨ ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමට නියමිතය. 
     
    මාස 06ක් ඇතුළත මේ විද්‍යා පීඨ ඉදිකර සිසු අයිතියට පැවරීමට සැලසුම් කර ඇත. මහින්ද චින්තන ඉදිරි දැක්ම පුනර්ජීවන වැඩසටහනට අනුව මෙරට අධ්‍යාපනයේ දැවැන්ත සංවර්ධනාත්මක හැරවුමක් නිර්මාණය කිරීමේ එක් පියවරක් ලෙස දිවයින පුරා පාසල්වල මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨ 250ක් ඉදි කෙරේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya