අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්වැටි විරෝධී දින පළමු කොඩිය ජනපතිට පළඳවයි

    මැයි 31, 2014

    ලෝක දුම්වැටි විරෝධී දිනයට සමගාමීව පවත්වනු ලබන දුම්වැටි- මත් විරෝධී කොඩි දින සැමරුමේ පළමු කොඩිය ඊයේ (30) පෙරවරුවේදී ජනාධිපති මහින්ද රජපක්ෂ මැතිතුමා වෙත අරලිය ගහ මන්දිරයේදි පැළඳවිය.


    සෑම වසරකම මැයි 31 වන දින ලෝක දුම්වැටි විරෝධී දිනය ලෙස ලොව පුරා සමරනු ලබයි. 


    ශ්‍රී ලංකාවේද එය සෑම වසරකම සමරනු ලබන අතර ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනයට සමගාමීව 1996 දී මෙම කොඩි සතිය ආරම්භ කරන ලදී.
     
    දිවිනැගුම වැඩසටහනට ශක්තියක් ලබාදෙමින් 19වන වරටත් මෙවර කොඩි දිනය දැයක් පුබුදුවමු-මතින් තොර වෙමු -දිවිය නංවමු තේමාව යටතේ මැයි 31 සිට ජුනි 10වන දින දක්වා දිවයිනපුරා ක්‍රියාත්මක කෙරේ.ඊට සමගාමීව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.මෙම කොඩි අලෙවියෙන් ලබන ආදායම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සමාජ සංවර්ධන පදනමට බැර කෙරේ.මෙම අරමුදල් ලබාගෙන ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අඩුආදායම්ලාභී පවුල් නගාසිටුවීම සිදු කෙරේ.
     

    දිවිනැගුම කැකුළු සමාජයේ මන්සිලා කුරේ සහ සුනිර සන්දීප යන දරුන් විසින් කොඩිය ජනාධිපතිතුමන් වෙත පළඳ වනු ලැබීය.

     

    මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ. රණවක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    ECB/PMU

    he3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya