අප්‍රේල් 03, 2020
tami eng youtube  twitter facebook

    ජනපති සෞභාග්‍යා දෙව්මිණි දැරියගේ සුවදුක් විමසයි

    මැයි 29, 2014

    අස්ථි බිඳී යාමේ රෝගයෙන් පීඩා විඳින කඹුරුපිටිය රංසෑගොඩ පදිංචි නව හැවිදිරි සෞභාග්‍යා දෙව්මිණි දැරිය අද (29) පස්වරුවේ අරලියගහ මන්දිරය වෙත කැඳවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇගේ සුවදුක් විමසීය.


    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ ප්‍රතිකාර සහ පහසුකම් ලබාදීම සඳහා මෙම දැරිය රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමු කෙරුණේ ඇය සම්බන්ධව පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වූ පසුවයි.


    සිය අධ්‍යාපනික හා අනෙකුත් දක්ෂතා පිළිබඳව කරුණු දැක්වූ සෞභාග්‍යා දෙව්මිණි දැරිය සිය හැකියාවන් ද ජනාධිපතිතුමා හමුවේ ඉදිරිපත් කළාය.


    ස්ථීර නිවසක් නැති ඇය වෙනුවෙන් නිවසක් ලබාදීම සඳහා නිවාස අමාත්‍යවරයා වෙත ද උපදෙස් ලබාදුන් ජනාධිපතිවරයා ඉදිරි ප්‍රතිකාර සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ද උපදෙස් ලබාදුන්නේය.


    මෙම අවස්ථාවට ඇයගේ දෙමව්පියන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියහ.


    ECB/pmu

    President having free chat with Soubhagya Devumini

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya