අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායිලන්ත රාජකීය විහාරස්ථානයෙන් ජනපතිට ආශිර්වාද

    මැයි 29, 2014

    තායිලන්ත රජ පවුලට අයත් රාජකීය විහාරස්ථානයක් වන බැංකොක් අගනුවර පිහිටි ඓතිහාසික අරූන් විහාරස්ථානයේ මෙන්ම එරට උතුරු ප්‍රාන්ත අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වන අතිපූජ්‍ය පාරා ශ්‍රී සුටිවීට් අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු තවත් ස්වාමීන් වහන්සේලා නම නමකගෙන් සැදුම් ලත් විශේෂ තායි බෞද්ධ දූත පිරිසක් ඊයේ (28) සන්ධ්‍යාවේදී අරලියගහ මන්දිරයේදී  ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවූහ.

    එම අවස්ථාවේදී ජනාධිපතිතුමන්ට එම දූත පිරිස ආශිර්වාද පළ කර සිටි අතර, තායිලන්ත රජතුමා විසින් එවන ලද විශේෂ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ජනාධිපතිතුමන්ට අනුනායක ස්වාමීන් වහන්සේ විසින් එහිදී තිළිණ කරන ලදී.

     

    මෙම අවස්ථාවට ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම්, පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් ද ශ්‍රී ලංකා ගුවන් සේවයෙහි කලාපීය කළමනාකරු ෂමින්ද පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    ECB/PMU

    he2014-333

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya