අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා - ඉන්දියා ජනපති හමුවක්

    මැයි 27, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ද්විපාර්ශවික සාකච්ඡා සඳහා අද (27) පස්වරුවේ නව දිල්ලි නුවර රාෂ්ට‍්‍රපති භවන් හි දී ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුඛර්ජි මැතිතුමා හමු විය. ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා මුණගැසීමට ලැබීම ගැන ඉන්දීය ජනාධිපතිතුමා සිය සතුට පළ කළේය.


    ජනාධිපතිවරු දෙදෙන දෙරටට අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයයන් ගණනාවක් ගැන අදහස් හුවමාරු කර ගත්හ. ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා ශ‍්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් ගැනත් වත්මන් ජාතික සමගි සන්ධාන ක‍්‍රියාදාමය ගැනත් විස්තර කළේය.


    අභ්‍යන්තරිකව අවතැන් වූවන් උදෙසා උතුරු නැගෙනහිර දෙපළාතේ නිවාස ඒකක 43,000ක් ඉදි කිරීමේ ඉන්දීය ව්‍යාපෘතිය ගැන සඳහන් කළ මුඛර්ජි ජනාධිපතිතුමා, 2013 වසරේ නව නිවාස 10,000ක් පමණ ඉදිකළ බව පැවසීය. මේ වසරේ තවත් නිවාස 16,000ක් තනා නිම කිරීමට සැලසුම් කර ඇතැයි කී ඉන්දීය ජනාධිපතිතුමා 2015 වසර ඇතුළත ව්‍යාපෘතිය සම්පූර්ණ කෙරෙන බව සඳහන් කළේය.


    තමා ඉන්දියාවේ විදේශ ඇමතිවරයාව සිටියදී 2009 වසරේ ශ‍්‍රී ලංකාවේ කළ චාරිකාව මුඛර්ජි ජනාධිපතිතුමා විසින් සිහිපත් කරනු ලැබීය.


    ඉන්දියාවේ නව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමා දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම පිණිස ඊයේ (26) නව දිල්ලි නුවරට ගිය රාජපක්‍ෂ මැතිතුමා අද (27) උදේ නව අග‍්‍රාමාත්‍යතුමා සමග ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත විය.

     

    President Rajapaksa and President Mukherjee Meet in New Delhi

     
    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන යන මහත්වරු, යාපනය මහ නගර සභාවේ නගරාධිපතිනී යෝගේෂ්වරී පත්ගුණරාජා මහත්මිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ප‍්‍රසාද් කාරියවසම් මහතා ද සාකච්ඡාවට සහභාගී වී සිටියහ.


    HC/NP_PS&IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya