මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා - මාලදිවයින් ජනපතිවරු නව දිල්ලියේ දී හමුවෙති

    මැයි 26, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයූම් මැතිතුමා අද (26) සවස නව දිල්ලි නුවර දී ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වූහ.


    ඉන්දියාවේ නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම පිණිස නායකයෝ දෙදෙන ඉන්දීය අගනුවරට ගොස් සිටිති.


    ඒකාබද්ධ ආර්ථික කොමිසමේ ප‍්‍රගතිය ඇතුළු අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයය ගණනාවක් සාකච්ඡාවට ලක් විය. තරුණයන් සහ නිපුණතා සංවර්ධනය, ක‍්‍රීඩා සහ විවිධ අංශවල පුහුණු අවස්ථා පිළිබඳ අවබෝධතා ගිවිසුම්වල ප‍්‍රගතිය ද නායකයෝ දෙදෙන විමර්ශනය කළහ. මාලදිවයින් ජනාධිපතිතුමා මේ වසරේ ජනවාරි මස ශ‍්‍රී ලංකාවේ කළ චාරිකාවේ දී අවබෝධතා ගිවිසුම් අත්සන් තැබිණ.


    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී ශ‍්‍රී ලංකාවට දුන් සහය පිළිබඳව මාලදිවයින් රජයට ස්තුතිය පුද කළ රාජපක්‍ෂ මැතිතුමා, ජිනීවා නුවරට ගොස් සිටි මාලදිවයින් නිලධාරීන් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වෙහෙසී වැඩ කළ බව සඳහන් කළේය.


    මාලදිවයින් හි චාරිකාවක් සඳහා එන්නැයි ගයූම් ජනාධිපතිතුමා රාජපක්‍ෂ මැතිතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

     

    President and Maldivian President Gayoom Meet in New Delhi


    මාලදිවයින් විදේශ ඇමතිනී දුන්යා මවුමූන් මහත්මිය ප‍්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිසක් සිය ජනාධිපතිතුමා සමග එක්ව සිටියහ.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන්, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන යන මහත්වරු, යාපනය මහ නගර සභාවේ නගරාධිපතිනී යෝගේෂ්වරී පත්ගුණරාජා මහත්මිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ද ජනාධිපතිතුමා සමග සාකච්ඡාවට සහභාගී වූහ.


    HC/NP_PS&IMU_Pix By: Nalin Hewapathirana

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya