මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "කවීතා ටැලන්ට්" ජාතික සම්මාන උළෙල නැරඹීමට ජනපතිත් එක්වෙයි

    මැයි 25, 2014

    විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල නිර්මාණ කුසලතා ඇගයීමේ වැඩසටහනක් වන "කවීතා ටැලන්ට්" ජාතික සම්මාන උළෙලේ දෙමළ මාධ්‍ය අවසාන මහා තරගය ඊයේ (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.


    එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි.


    කලා කුසලතාවන්ගෙන් පිරි නිර්මාණශීලී උගත් තරුණ පරපුරක් රටට දායාද කිරීමේ අරමුණෙන් මෙම සම්මානා උළෙල උසස් අධ්‍යාපන අමාත්‍යාශය විසින් සංවිධානය කරනු ලබයි.


    2013/2014 තරගාවලියේ ජයග්‍රාහකයන්ට සහතිකපත් හා කුසලාන පිරිනැමීම ද මෙහිදී ජනපති අතින් සිදු විය.


    උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නන්දිමිත්‍ර ඒකනායක, වීරකුමාර දිසානායක, අමාත්‍යාංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pix by Udesh Gunarathne-pmu

     

    8

     

    5

     

    9 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya