අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිදහස් පෙරමු‍‍ණේ යෝජනාවලිය ජනපතිට භාරදෙයි

    මැයි 24, 2014
    ජාතික නිදහස් පෙරමුණේ මහා සමුළුවේ දී සම්මත වූ යෝජනාවලිය එම පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අද (24) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙන ලදී.
     
    එහි ඇතුළත් කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර ඒ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් සමඟ සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වන බව පැවසූ ජනාධිපතිතුමා මතුවන අවශ්‍යතාව පරිදි රටේ අනාගතය යහපත් කිරීම වෙනුවෙන් ගත යුතු දේශපාලන සහ ආර්ථික තීන්දු ගැනීමට තමා කිසිවිටෙක පසුබට නොවන බවද ප්‍රකාශ කළේය.
     
    අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පෙරුම, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, එම්. මුසම්මිල් මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya