නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාදුක්ක නව සතිපොළ ජනපති අතින් ජනතා අයිතියට

    මැයි 24, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කඩිනමින් නවීකරණය කෙරුණු පාදුක්ක නව සති පොළ අද (24) ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.
     
    මීට වසරකට පෙර පාදුක්ක ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතියක් විවෘත කිරීමට ගිය ජනාධිපතිතුමා ජරාජීර්ණ වී තිබූ පාදුක්ක සති පොළ නිරීක්ෂණය කළ අතර එහිදී එම ප්‍රදේශවාසීන් මෙන් ම වෙළඳ ප්‍රජාව කළ ඉල්ලීමකට අනුව සති පොළ කඩිනමින් නවීකරණය කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
     

    ඒ අනුව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ මඟපෙන්වීම යටතේ සති පොළ කඩිනමින් නවීකරණය කෙරිණි. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 122කි.

     

    අක්කරයකට වැඩි භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති සති පොළ එළවළු, මාළු වෙළඳ කුටි ඇතුළු ව වෙළඳ කුටි 300කට අධික ප්‍රමාණයකින් සමන්විත වන අතර රථ වාහන නැවතුම්පොළක් මෙන්ම සනීපාරක්ෂක පහසුකම්වලින්ද සමන්විතය.

     

    සමරු ඵලකය නිරාවරණය කොට සති පොළ ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වෙමින් වෙළඳමහතුන් මෙන්ම පාරිභෝගික ජනතාව සමඟ සුහද කතා බහකද නිරත විය.

     

    ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් ද සති පොළ වෙත රැස්ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන්ගේ සමඟ ද සුහද කතා බහක නිරත විය.

     

    පාදුක්ක සති පොළ ජනතා අයිතියට පැවරීමෙන් අනතුරුව මොරගහතැන්න ශ්‍රී මහා විහාරය වෙතද ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

     

    එහි විහාරාධිපති පූජ්‍ය දොරන්නාවේ විමල නායක හිමිපාණන් වහන්සේද බැහැ දැක සුවදුක් විමසීය.

     

    ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන දිනේශ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහත්වරුන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

     
    DB
     
    PADUKKA fair
     
     
     
    PADUKKA fair 1
     
     
     
    PADUKKA fair 2
     
     
     
    PADUKKA fair 33-
     
     
     
    PADUKKA fair 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya