අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සිසුන්ගෙන් 75%ක පෝෂණ මට්ටම හොඳ තත්ත්වයක

    මැයි 23, 2014

    මෙරට පාසල් සිසුන්ගෙන් 75%ක පෝෂණ මට්ටම හොඳ තත්ත්වයක පවතින බව අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


    මෙරට පාසල් දරුවන් ගණන ලක්ෂ 40ක් පමණ වේ. ඉතුරු 25%ක ප්‍රමාණයෙත් පෝෂණ මට්ටම් ඉදිරි කාලයේ යහපත් වනු ඇති බවත් පාසල් සිසුන්ට දිවා ආහාරය ලබා දීමේදී පෝෂණ ඌනතා වැඩි වශයෙන් පවතින පාසල්වලට හා මන්ද පෝෂණ අනුපාතය වැඩි සිසුන් සහිත පාසල්වල ප්‍රමුඛතාව ලබා දී ඇතැයි අමාත්‍යරයා පැවසීය.


    එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව පැවසූ දිසානායක මහතා පාසල් 7746ක සිසුන් 1,030,817ත් දෙනෙකුට දිවා ආහාරය සඳහා බත් වේලක් ලබා දීම මේ වනවිට සිදුවන බව කීය.


    සෑම පාසල් දරුවකුටම  දිවා ආහාරය හිමි නොවේ. සිසුන් 100ට අඩු සෑම පාසලකම සියලු දරුවන්ට හා පෝෂණ ඌනතා ඇති හා දර්ද්‍රතා දර්ශක අගය වැඩි ප්‍රදේශවල දරුවන්ට දිවා ආහාරය ලබාදෙන බවත් මේ වැඩපිළිවෙළ නිසා පාසල් සිසුන් අතර පෝෂණ ඌනතාව අඩුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya