අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහපොළ ශිෂ්‍යාධාර මුදල 2015 සිට වැඩිකිරීමට පියවර

    මැයි 23, 2014

    මහපොළ ශිෂ්‍යාධාර මුදල 2015 සිට වැඩිකිරීමට පියවර ගෙන ඇතැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.


    මහපොළ ශිෂ්‍යාධාර දීමනාව වැඩිකරන ලෙසට කර තිබූ ඉල්ලීම් ගැන උසස් අධ්‍යාපන අමාත්‍යංශය අවධානය යොමු කර තිබෙන අතර ඒ වෙනුවෙන් අදාළ කටයුතු දැනට සිදු කරමින් පවතී.


    කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මාලබේ පිහිටි SAITM පුද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් මේ වන විට පූර්ණ ශිෂ්‍යත්ව 11ක් ලබා දී ඇතැයි ද එහි වෛද්‍ය පාඨමාලාව හැදෑරීම සඳහා එක් අයෙකු රුපියල් 6,997,200ක් ගෙවිය යුතුව ඇතැයි පැවසීය.


    2009 වසරේ ආරම්භයේ දී මෙම වෛද්‍ය විද්‍යාලයට පළමු ශිෂ්‍ය කණ්ඩායම වශයෙන් සිසුන් 651ක් බඳවා ගෙන තිබේ. එසේ බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාවෙන් 20%ක් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට එකඟ වී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya