අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාදුක්ක සති පොළ ජනපති සුරතින් ජනතා අයිතියට

    මැයි 24, 2014
    ජනපති නියමයෙන් කඩිනමින් ඉදි වූ පාදුක්ක සති පොළ අද (24) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
     
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අනුගහයෙන් හා ආරක්ෂක අංශවල ශ්‍රම දායකත්වයෙන් පාදුක්ක සති පොළේ සියලු ඉදිකිරීම් කටයුතු සිදු කොට ඇත.
     
    අක්කරයක පමණ භූමි ප්‍රමාණයක මෙම සති පොළ පැතිර ඇති අතර පොළ සංවර්ධන කිරීම සඳහා රජය රුපියල් මිලියන 150කට ආසන්න මුදලක් වැය කොට ඇත. 
     
    වෙළඳ කුටි 226කින් සමන්විත පාදුක්ක නව සති පොළ රථ වාහන නතර කිරීමේ මෙන් ම සනීපාරක්ෂක පහසුකම්වලින් ද සමන්විත වේ.
     
    මීට වසරකට ඉහත දී පාදුක්ක ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතියක් විවෘත කිරීමට ගිය ජනාධිපති තුමා ජරාජීර්ණ වී තිබු පාදුක්ක සති පොළ නිරීක්ෂණ කළ අතර එහිදී එම ප්‍රදේශවාසීන් මෙන් ම වෙළඳ ප්‍රජාව කළ ඉල්ලීමකට අනුව සති පොළ නවීකරණය කරන ලෙස අදාළ බලධාරීන්ට නියෝග කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya