අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ඉන්දීය අගමැති දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී වන ලෙස ජනපතිගෙන් උතුරු මහ ඇමතිට ඇරයුම්

    මැයි 24, 2014

    ඉන්දියාවේ අගමැති අපේක්‍ෂක නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වන ජනාධිපති දූත කණ්ඩායමට එක් වන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා උතුරු පළාත් සභා මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාට ආරාධනා කරයි.


    දිවුරුම් දීමේ උත්සවය ලබන සඳුදා (26) සවස නවදිල්ලි නුවර දී පැවැත්වීමට නියමිත ය. මේ අවස්ථාවට සහභාගී වන ලෙසට මේ සතිය ආරම්භයේ දී ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාට ආරාධනා කෙරුණි.


    මේ සඳහා රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගීත්වය රාජ්‍යතාන්ත‍්‍රික මාර්ග හරහා විධිමත් ලෙසට ජනාධිපතිතුමාගේ නිල ට්විටර් ගිණුම (@PresRajapaksa) ඊයේ උදෑසන තහවුරු කර තිබේ. “ඔබගේ දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වන ලෙසට කළ ආරාධනාවට ඔබට ස්තුතියි. එයට සහභාගී වීමට මම බලාපොරොත්තුවෙන් සිටිනවා.”


    මේ මස මුල පැවති මැතිවරණයේ දී ඔහුගේ පක්ෂය ලද විශිෂ්ට ජයග‍්‍රහණය වෙනුවෙන් මෝදි මහතාට ප‍්‍රථමයෙන් සුබ පැතූ ලෝක නායකයන් අතර ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාද වේ. දූරකතන ඇමතුමෙන් පසු මෝදි මහතා ට්විටර් පණිවිඩයක් හරහා ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාට ඒ පිළිබඳව ස්තුති කළේය. “අද උදෑසන ඔබ සමග කතා කිරීමට ලැබීම ඉතා සතුටක්. ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර ශක්තිමත් සබඳතාවක් මම බලාපොරොත්තු වෙනවා.”


    මෝදි මහතාට ලබා දුන් දූරකතන ඇමතුමේ දී ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට නව පාලනය සමඟ ක‍්‍රියා කිරීමට තම රජය බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.


    HC/NP_PS&IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya