අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වෙසක් උළෙලට ජනාධිපති ආර්යාව එක්වෙයි

    මැයි 24, 2014
    බෞද්ධ රටවල සහභාගීත්වයෙන් යුනෙස්කෝ සංවිධානය සංවිධානය කළ ජාත්‍යන්තර වෙසක් උත්සවය ප්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ මූලස්ථානයේ දී පසුගියදා ඇරඹිණි. 
     
    මෙහි විශේෂ අමුත්තන් ලෙස ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහභාගි වූහ.
     
    Charles the Gualle ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ප්‍රංශයේ පැරිස් නුවර වෙත ළඟා වූ ජනාධිපති ආර්යාව හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා එරට රජය වෙනුවෙන් එහිදී මහත් හරසරින් පිළිගනු ලැබූහ.
     
    අනතුරුව පැරිස් නුවර යුනෙස්කෝ මහලේකම් කාර්යාලයේ දී ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ජනාධිපති ආර්යාව ඇතුළු පිරිස පිළිගන්නා ලදී. එම අවස්ථාවට ජනාධිපති බෞද්ධ කටයුතු උපදේශක බෝදාගම චන්දිම හිමියන් සහ යුනෙස්කෝ විධායක මණ්ඩලයේ සාමාජික මොහොමඩ් සාමර් මහතා ද එක්ව සිටියහ.
     
    ථෙරවාද හා මහායාන ආගම්වලට මුල් තැන දෙමින් ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර වෙසක් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී. මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එම අවස්ථාවට සුබ පතමින් නිකුත් කරන ලද සුබ පැතුම් පණිවුඩය විකාශය කිරීම ද සිදුවිය.
     
    ජනාධිපති ආර්යාව මෙහිදී විශේෂ දේශනයක් ද පැවැත්වූවාය. ඉන් අනතුරුව “බෞද්ධ පුනරුදය හා ආගමික සංහිඳියාව” යන කාරණය ඔස්සේ සංවාදයක් ද පැවැත්වුණු අතර ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා එය මෙහෙයවන ලදී. බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු බෞද්ධ ජනතාව හා විශාල පිරිසක් ද, ක්‍රිස්තියානි, හින්දු ආගම් නියෝජනය කරමින් ආගමික පූජකවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    01
     
     
     
    03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya