අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සේවයේ දීමනාවලට බිලියන 140ක්

    මැයි 23, 2014
    වැටුප් වර්ධක හිමි දැනට සේවය කරන පළාත් සභා සේවකයන් ද ඇතුළුව සමස්ත රජයේ සේවක සංඛ්‍යාව 1,040,746ක් බවත් මේ සියලුම රජයේ සේවකයන්ට බලපාන පරිදි 2005 සිට 2014 ජනවාරි දක්වා කාලය තුළ දීමනා ලබා දීමට රජය රුපියල් බිලියන 140ක පමණ මුදලක් වාර්ෂිකව වැය කරන බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට සභාගත කරන ලද පිළිතුරක මේ බව සඳහන් වේ.


    රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ 6/2006 අනුව 2006 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවක වැටුප් ප්‍රතිව්‍යූහගත කර ඇත. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප කාර්යාල කාර්ය සහයක සේවයේ සහ අමාත්‍යාංශ ලේකම්වරයෙකු අතර වැටුප් අනුපාතය 1.4.5 සේ සංශෝධනය කර, අවම වැටුප රුපියල් 7,900 සිට 11,730 දක්වා ඉහළ නැංවීය. ඊට අමතරව 2005 සිට 2014 දක්වා සියලුම අයවැය යෝජනා මඟින් ද දීමනා වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර මීට අමතරව රජයේ සේවකයන් විසින් වාර්ෂිකව උපයා ගන්නා වැටුප් වර්ධක මඟින් ද වැටුප් වැඩි වන බව පිළිතුරෙහි සඳහන් වේ.


    2013 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි විවිධ නිලධාරී ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි විශේෂ දීමනා ලබාදීමට කටයුතු කළ අතර කාර්යාල කාර්ය සහයක හා රියැදුරන් වැනි නිල ඇඳුම් හිමි සේවා කාණ්ඩ සඳහා නිල ඇඳුම් සැපයීමට රුපියල් 4000ක දීමනාවක් ලබා දී තිබෙන බව ද එහි සඳහන් වේ. 


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya