අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ යුගය අධ්‍යාපනයේ ස්වර්ණමය යුගයයි

    මැයි 23, 2014

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්දෝදය පාසල් ඇති කරමින් අධ්‍යාපනයට සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් සිටින බවත් මේ යුගය අධ්‍යාපනයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්විය හැකි බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී 2012 අංක 23 දරන විසර්ජන පනත යටතේ වූ නියමයන් 08ක් හා ජාතික ව්‍යවසාය අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.


    මෙහිදී වැඩිදුරටත් කථා කළ අමාත්‍යවරයා, ප්‍රේමදාස මහතා මෙරට දරිද්‍රතාවය ගැන මහ ඉහළින් කතා කරනවා. දරිද්‍රතාවය වැඩිවෙලා තිබෙනවා නම් ජනතාව කැරැළි ගහන්න ඕනෑ. එහෙම නැතිනම් මැතිවරණවලදී ඡන්දය නොදී ඉන්න ඕනෑ. අද එවැනි කිසිම දෙයක් වෙලා නැහැ. දවසින් දවස ජනතාව රජය වට එක්වී සිටින බව පැවසූ ඔහු මේ සභාවේදී අධ්‍යාපනය හෑල්ලුවට ලක් කරමින් ඇතැම් මන්ත්‍රීවරුන් කතා කළත් පසුගිය වසරවල්වල සංඛ්‍යා ලේඛන සමඟ සලකා බලද්දී වසරින් වසර ශිෂ්‍යත්වය, සාමන්‍ය පෙළ හා උසස් පෙළ සමත්වීමේ ප්‍රතිශතය වැඩිවී තිබේ. එදා කන්නන්ගර මහතා මධ්‍ය විද්‍යාල ඇති කළා වගේ අද ජනාධිපතිතුමා මහින්දෝදය පාසල් ඇති කරමින් දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමට කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා කීය.


    අල්ලස් හා දුෂණ කොමිෂම් සභාවට ඇතැමුන් චෝදනා කළත් පසුගිය කාලයේ එම කොමිෂම විසින් දැවැන්ත වැටලීම් රාශියක් සිදු කළේය. ඊට අවශ්‍ය පරීක්ෂණත් සිදු කළ බවත් එහි ප්‍රතිඵල ගැන රටම දන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya