මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ පාසල්වල පවතින ඌනතාවන් මඟහරවාලීමට පියවර ගන්නවා

    මැයි 22, 2014
    යුද්ධය නිමවීමෙන් පසු උතුරු පළාතේ පාසල්වල පවතින ඌනතාවන් මඟහරවාලීම සඳහා අවධානය යොමු කර නුපුහුණු ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන ජූනි 30ට පෙර සිදු කරන බවත් භෞතික සම්පත් සපුරාලීමේ කාර්යය සැප්තැම්බර් මස වන විට අවසන් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිලිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. 

     

    යුද සමයේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටී තිබුණි. රට නිදහස් කර ගැනීමෙන් පසු දරුවන්ට අනාගතය ගැන බලා‍පොරොත්තු ඇති විය. පළාත් සභාව පිහිටුවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ අතර උතුරු පළාත් පාසල්වල අඩුපාඩු පිළිබඳවත් මෑතකදී සාකච්ඡාවක් පැවැත්වීමට පළාත් සභාව සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කෙරිණි. මේ වන විට මහින්දෝදය පාසල් 90ක් ඉදිකර ඇති අතර මහින්දෝදය විද්‍යා පීඨ 18ක් ඉදිකිරීමට ද අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
     

    කොරියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 800ක් ආයෝජනය කර තිබේ. දැනුමැති ව්‍යාපෘතිය යටතේත් මේ ප්‍රදේශයට මුදල් වැය කරමින් පාසල් ප්‍රතිසංස්කරණයට පියවර ගෙන ඇත. මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව උතුරු පළාත දිවයිනේ ප්‍රථම ස්ථානයටත් සබරගමුව දෙවැනි ස්ථානයටත් පවත්ව ඇති අතර බස්නාහිර පළාතට හිමි වී ඇත්තේ 06 වන ස්ථානය බව ද ඔහු කීවේය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya