අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය පරතරය සීමා වන තරමට ආර්ථිකය ශක්තිමත් වෙනවා

    මැයි 22, 2014

    අයවැය පරතරය සීමා වන තරමට ආර්ථිකය ශක්තිමත් වන නිසා ගිය වසරේ 100%ක් ඉලක්ක කළ අයුරින් පරතරය ලබා ගත හැකි වූ බවත් මේ වසරේත් එසේ කටයුතු කරන බව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී 2012 අංක 23 දරන විසර්ජන පනත යටතේ වූ නියමයන් 08ක් හා ජාතික ව්‍යවසාය අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා  ඉදිරිපත් කරමිනි.

     

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම්වල අල්ලස් වශයෙන් පරිහරණය කිරීම සඳහා යොදා ගන්නා අත්තිකාරම් ගිණුම්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත් මුද්‍රණය, ප්‍රචාරණය හා අලෙවිය සඳහා යොදා ගන්නා අත්තිකාරම් ගිණුම, රජයේ කර්මාන්ත ශාලාවේ කළ වැඩ අත්තිකාරම් ගිණුම, කාෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික ගොවිපොළ නඩත්තුව බීජ අලෙවිය අත්තිකාරම් ගිණුම, දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ගබඩා අත්තිකාරම් ගිණුම, රජයේ කර්මාන්ත ශාලාවේ රජයේ ගබඩ අත්තිකාරම් ගිණුම, රේගු දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට ගන්නා ලද රාජ සන්තක කරන ලද භාණ්ඩ, ද්‍රව්‍ය පිළිබඳ වියදම් යනාදියේ අත්තිකාරම් සීමාව වැඩි කිරීම මේ නියමයන්වල අරමුණයි.


    අය වැය තුළින් ලබා දී තිබෙන ප්‍රතිපාදනවල උපරිමයකින් දායක කර ගැනීමට මෙම සංශෝධන මඟින් බලාපොරොත්තු වන බවත් අත්තිකාරම් ගිණුම්වල උපරිමයක් මෙමඟින් ලබා ගත හැකි බවත් කී අමාත්‍යවරයා  ප්‍රතිපාදන මුදල් වියදම් කර වසර අවසානයේදී භාණ්ඩාගාරයට වියදම් ආදායම් වෙන වෙනම ප්‍රකාශ කළ යුතු බව ද කීය.


    ඒ අනුව අය වැය ප්‍රතිපාදනවල මූලික සංඛ්‍යා ලේඛනවල වෙනසක් සිදු වෙන්නේ නැහැ. මේ නියමයන් සඳහා නෛතික රාමුවක් සැකසීමට අද ඉදිරිපත් කර තිබෙනවා. රජය ගෙන යන වැඩපිළිවෙළ නිසා වසරින් වසර අය වැය පරතරය අඩු කර ගැනීමට හැකි වෙලා. එය ජාත්‍යන්තරය පවා පිළිගෙන ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya