අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති යළි මව්බිමට පැමිණෙයි

    මැයි 22, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (22) පස්වරුවේ චීනයේ සිට ආපසු දිවයිනට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශ්‍ය පවසයි.


    තෙදින නිල සංචාරය සාර්ථකව නිමකර පැමිණෙන ජනාධිපතිතුමා පිළිගැනීමට සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න, බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් ගුවන්තොටුපළට පැමිණ සිටියහ.


    ආසියාවේ අන්තර් ක‍්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ 4 වන සමුළුවට (Conference on Interaction and Confidence Building Measures in Asia - CICA) සහභාගී වීම සඳහා පසුගිය 20 වැනි දා චීනයේ ෂැංහයි නුවරට ළඟා වූ ජනාධිපතිතුමා ඊයේ (21) එම සමුළුව ඇමතීය.


    ආසියාවේ අන්තර් ක‍්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ සාමාජික රටවල සහ නිරීක්‍ෂණ රාජ්‍යයන්ගේ නායකයින් අමතමින් “ත‍්‍රස්තවාදය තුරන් කළ දා සිට ශ‍්‍රී ලංකාව විසින් පෙන්නුම් කර ඇති පරිදි ජාතියක හෝ කලාපයක ප‍්‍රගතියට හා ආර්ථික සංවර්ධනයට සාමය, ආරක්‍ෂාව හා ස්ථාවරත්වය ඉතා වැදගත් වේ. එබැවින් සාමකාමී හා ස්ථාවර නව ආසියාවක් බිහි කිරීම සඳහා අප එක්ව ක‍්‍රියා කිරීම නිසැකවම අත්‍යවශ්‍යය.“ බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. රටවල් 40කට ආසන්න රාජ්‍ය නායකයින් සහ අන්තර්ජාතික සංවිධාන මේ සමුළුවට එක් ව සිටියහ.


    චීන ජනාධිපති ෂී ජින්පින්ග් (Xi Jinping), ඉරාන ජනාධිපති හසන් රෞහානි (Hassan Rouhani), පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් (Mamnoon Hussain) ඇතුළු විදේශ රටවල රාජ්‍ය නායකයින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බන් කී-මූන් මහතා සමඟ ද මේ නිල සංචාරයේ දී ජනාධිපතිතුමා විසින් ද්විපාර්ශවික සාකච්ඡා පවත්වන ලදී.

     

    HC/pmu_Pix By : Nishanka de Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya