මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕනෑම රජයකට ආවේණික ආර්ථික ක්‍රමවේදයන් තිබෙනවා

    මැයි 22, 2014
    ඕනෑම රජයක් රටක් පාලනය කර ගෙන යද්දී ඒ අයට ආවේණික ආර්ථික ක්‍රමවේදයන් තිබෙන බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
     
     අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී 2012 අංක 23 දරන විසර්ජන පනත යටතේ වූ නියමයන් 08ක් හා ජාතික ව්‍යවසාය අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.
     
     
    අල්ලස් කොමිෂම් සභාව පිළිබඳ පොදුවේ ප්‍රශ්නයක් ඇසුවා නම් ගැටලුවක් නැහැ. නමුත් මෙතැන කතා කළ නොහැකි පුද්ගලයන්ගේ නම යොදාගෙන කතා කිරීම සුදුසු නැහැ. යම් තර්කයක් ගෙන ඒමේදී පදනමක් තිබෙන්නට අවශ්‍යයි. එසේ නැතිව කටට එන හැමදේම කතා කිරීම වැරැදි බව ඔහු පෙන්වා දුන්නේය.
     
    වැඩිදුරටත් කථා කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "සමහරු කියනවා පාරවල් හදන එක වැරැදියි. එය හදන්න තිබුණේ මීට වසර 25කට 30කට පෙර බවයි. මහවැලියත් එහෙමයි. එය හදන්නත් එවැනි 
     
    කාලයක් තිබුණා. නමුත් කඩිනම් ව්‍යාපාරයක් ලෙස එය සිදු කළා. එම නිසා රජයන් තමන්ට ආවේණික ක්‍රම උපයෝගී කරගෙන ආර්ථිකය හසුරවනවා. ණය අරගෙන සංවර්ධනයන් කරන බව දැන් සමහරු කියනවා. ලෝකයේ ඕනෑම රටක් සංවර්ධන කාර්යයේ යෙදෙන්නේ ණය අරගෙනයි. ණය ගන්නව කියලා බනින අයත් එහි ප්‍රතිඵල භුක්ති විඳිනවා. ඒ අයට එතකොට ණය ගැන අමතක වෙනවා. ජනතාව ඉල්ලන ජනතාවට අවශ්‍ය දේ දෙන්න ඕනෑ. නැත්නම් ජනතාවගේ අපේක්ෂා කඩා වැටෙනවා. අද ගමට මුදල් යන්නේ නැහැ කියන කතාව 
    පිළිගන්න බැහැ. රටේ ආදායම් බෙදීයාම තුලනාත්මක සිදුව තිබෙනවා. යතුරු පැදි ලක්ෂ 27ක් පරිහරණය කරනවා. යැපුම් මට්ටමේ ගොවියා වාහනයක්, නිවසක් හිමි තත්ත්වයට පත්වෙලා. තාක්ෂණය සන්නිවේදනය දියුණු  වෙනකොට මාර්ගයක් හදන්නේ නැත්නම් ඒක ආණ්ඩුවක්ද?" යන්න පැවසීය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya