අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝකයේ දැවැන්ත ආයෝජකයන් ශ්‍රී ලංකාවට

    මැයි 22, 2014
    ලෝකයේ දැවැන්ත ආයෝජකයන් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බවත් රටේ සංවර්ධනයට විදේශ බැංකු ණය ලබා දෙන්න පැකිලෙන්නේ නැති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පවසයි.
     
     අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී 2012 අංක 23 දරන විසර්ජන පනත යටතේ වූ නියමයන් 08ක් හා ජාතික ව්‍යවසාය අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.
     

     යුද්ධ කාලයේ අපේ රට බොස්නියාවටත් පහළ මට්ටමක තිබුණි. රඒ කාලයේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවට එන්න එපා යැයි ඇතැම් රටවල්වලින් අනතුරු ඇඟවීය. අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. සෑම ප්‍රාදේශීය ලේකම් 
     

    කොට්ඨාසයකම කර්මාන්ත පිහිටුවීමට පියවර ගෙන ඇති අතර දරිද්‍රතාව, විරැකියාව අඩු කිරීමට ආණ්ඩුව සමත් වී ඇත. අපනයන ආදායම ඉහළ ගොස් තිබේ. විපක්ෂය මේ සම්බන්ධයෙන් විවේචනය පමණයි සිදු කරන බවත් ඔවුන් උපදෙස් හා යෝජනා ලබාදෙනවා නම් මීට වඩා හොඳ තත්ත්වයක් නිර්මාණය විය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya