අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර ඒකක ප්‍රාදේශීයව පිහිටුවනවා

    මැයි 22, 2014

    පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර ඒකක ප්‍රාදේශීය වශයෙන් ආරම්භ කිරීමට ජනාධිපතිතුමා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි. 


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.


    උතුරු මැද පළාතේ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මද වශයෙන් වැඩි වී ඇතැයි කී අමාත්‍යවරයා වයස්ගත ජයගහනය, පිළිකා රෝග පර්යේෂණ පහසුකම් වැඩිවීම හා ලේඛන නිසි ලෙස පවත්වාගෙන යාම මේ වැඩිවීමට හේතු ලෙස පෙන්වා දුන්නේය.

     

    ලෝකයේම පිළිකා රෝගයේ ඉහළයාමක් පවතී. දුම්වැටි භාවිතය මේ සඳහා හේතු වී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යවරයා මේ තත්ත්වය වළක්වන්න අධිකරණයට පවා ගොස් තිබේ. ලංකාවේ රුපියල් ලක්ෂ 04 - 05 වැය කර රෝගීන්ට ප්‍රතිකාර කරයි. ඉරාන ආධාර යටතේ මහරගම පිළිකා රෝහලේ සිව් මහල් ගොඩනැඟිල්ලක් ඉදිකරමින් පවතින අතර මහනුවර රෝහලේ ද පිළිකා රෝගීන් සඳහා සිව් මහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබීය. පිළිකා රෝගීන් සඳහා සායන පැවැත්වීම මේ වන විට දිවයිනේ හැම රෝහලකම සිදු කරයි. පිළිකා විකිරණ ඒකක පිහිටුවීම සඳහා හම්බන්තොට හා මඩකළපු රෝහල්වලට මුදල් වෙන් කළ බව ඔහු කීය.


    රෝහල් වාට්ටුවල ඇඳන් හිඟවීම පිළිබඳව මන්ත්‍රීවරයා කරන ලද ප්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයා පැවසුවේ සමහර කාල සීමාවන්හිදී එනම් වසංගත රෝග කාලයේදී රෝගීන්ගේ වැඩිවීම නිසා රෝහල්වල ඇති ඇඳන් ප්‍රමාණය මදි විය හැකි වුවත් දීර්ඝ ලෙස රෝහල් වාට්ටුවල ඇඳන් අඩුවීමක් සිදු නොවන බවයි. 


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya