අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් 796කට විදුලිය ලබා දී තිබෙනවා

    මැයි 22, 2014
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති සමස්ත පාසල් සංඛ්‍යාව 880ක් වන අතර එම පාසල් අතරින් පාසල් 796කට විදුලිය ලබා දී ඇති බවත් ඉන් රජය මඟින් විදුලි බිල් ගෙවන පාසල් සංඛ්‍යාව 582ක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

     

    අද (22) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කී අමාත්‍යවරයා පාසල් ප්‍රධානීන් ඉල්ලීම් කළහොත් ඔවුන් ගෙවන ලද විදුලි බිල අදාළ පළාත් සභාව වෙත එවීමෙන් ප්‍රතිපූර්ණය කිරීමට කටයුතු කළ හැකි බවත් සඳහන් කළේය.

     

    විදුලිය නොමැති පාසල් සඳහා වයඹ ප්‍රධාන අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් නුදුරේදීම විදුලිය ලබාදීමට කටයුතු කරනු ඇත. ඇතැම් පාසල්වල ඇති සම්පත් හා ශිෂ්‍ය සංඛ්‍යාව අනුව විශාල විදුලි බිලක් එයි. එවැනි පාසල්වල විදුලි බිල් ගෙවීමට රජයට සක්‍යතාවක් නොමැත. නමුත් කුඩා පාසල්වල බිල්පත් රජය විසින් ගෙවනු ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.



    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya