අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් මත්ද්‍රව්‍යවලින් යැපෙමින් ඊට විරුද්ධව කතාකිරීම විහිළුවක්

    මැයි 21, 2014

    උතුරේ සමාජීය, දේශපාලනික, ආර්ථිකය ඉතා ඉහළ මට්ටමකට ගොඩනැගී තිබෙන අවස්ථාවක පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කතා කරන බවත් ඔවුන්ගේ පක්ෂයේ බොහෝ දෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් පවා කරන අතර ඔවුන් මත්ද්‍රව්‍යවලින් යැපෙමින් පාර්ලිමේන්තුවට පැමිණ ඊට විරුද්ධව කතාකිරීම විහිළුවක් බවත් සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් රජයට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී අදහස් දක්වමිනි.

     

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා "මාළු ගඳයි. මාළු විකුණූ මුදල් ගඳ නැහැ" යන තේමාව යටතේ දෙමළ ජාතික සන්ධානය කටයුතු කරයි. 2009 දී යුද්ධය නිමා කිරීම ගැන සම්බන්ධන් මහතා සතුට පළ කළත් දෙමළ ජාතික සන්ධානයේ අනෙක් මන්ත්‍රීවරුන් ඒ පිළිබඳ අසතුටෙන් හිටියේ. ඔවුන්ට ඕනේ දෙමළ ජනතාවම විකුණමින් යෙහෙන් වැජඹෙන්නටයි. ඔවුන්ගේ මේ රඟපෑම් දැන් ලෝකයම දැන ගනිමින් ඉන්නේ. ඔවුන් දකුණු අප්‍රිකාවට ගියේ ලංකා ආණ්ඩුව ගැන ගතු කියන්නයි. නමුත් ඔවුන්ට දකුණු අප්‍රිකානු රජයෙන් කිසිදු හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඉන්දියාවත් දෙමළ ජාතික සන්ධානයේ වැඩපිළිවෙළ ගැන බලාගෙන ඉන්නේ" යැයි කීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya