අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට අධ්‍යාපනය විනාශ කිරීම ගැන එජාපය ද වගකිව යුතුයි

    මැයි 21, 2014

    මෙරට අධ්‍යාපනය විනාශ කිරීමට එක්සත් ජාතික පක්ෂය ද වගකිව යුතු බවත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනැවිත් එකට තිබූ රට කොටස් 09කට කඩා එජාපය අධ්‍යාපනය විනාශ කළ බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී උතුරු මැද පළාතේ කැබිතිගොල්ලෑව කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂ අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය අසමත් බවත් පාසල් 39ක දරුවන් කිසිදු විෂයයක් සමත්ව නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී  පී. හැරිසන් මහතා කළ චෝදනාවට පිළිතුරු දෙමිනි.

     

    එකට තිබූ අධ්‍යාපනය කඩා පළාත්වලට බෙදා; දැන් පළාත් සභා යටතේ අධ්‍යාපන ප්‍රශ්න තමාගෙන් ඇසීම පලක් නැතැයි කී අමාත්‍යවරයා සුදුසුකම් නැති නිලධාරියෙකු පත් කර ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු දුන්නොත් තමා පරීක්ෂණයක් කරන බවත් කීවේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya