අප්‍රේල් 18, 2019

tami eng youtube google twitter facebook

    පොහොර බෙදාහරින්නේ රසායනාගාර තුනක පරීක්ෂා කරලා

    මැයි 21, 2014

    බාල පොහොර හා රසායනික ද්‍රව්‍ය හේතුවෙන් වකුගඩු රෝගය ශීඝ්‍රයෙන් රට තුළ පැතිර ගොස් ඇති බවට පිළිගන්නේදැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා කළ ප්‍රකාශය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රතික්ෂේප කළේය.



    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    රසායනාගාර තුනක පරීක්ෂා කර පොහොර බෙදාහැරීමේ කටයුතු කරන  බව පැවසූ අමාත්‍යවරයා රසායනික ද්‍රව්‍ය වකුගඩු රෝගය සඳහා හේතු වන බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ නිශ්චිතව සඳහන් කර නැති බවත් එම වාර්තාවේ දක්වා තිබූ කරුණු අනුව හේතුවක් විය හැකි බව පමණක් සඳහන් කර ඇති බවත් කීවේය.

     

    NDH/HC

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu