මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා හා ඉරාන ජනාධිපතිතුමා අතර ද්විපාර්ශවික සාකච්ඡා

    මැයි 21, 2014

    ආසියාවේ අන්තර් ක‍්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ 04 වන සමුළුවට (CICA) සමගාමීව චීනයේ ෂැංහයි නුවර දී අද (21) සවස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ ඉරාන ජනාධිපති හසන් රෞහානි (Hassan Rouhani)  මැතිතුමා අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වුණි.


    ඉරානය සහ ශ‍්‍රී ලංකාව අතර ඉතා සමීප සබඳතා පවතින බවත්, අන්‍යෝන්‍ය සහය පළ කිරීමේ මෙම සබඳතා තවදුරටත් සවිමත් කර ගැනීම ශ‍්‍රී ලංකාවේ අධිෂ්ඨානය බවත් රාජපක්‍ෂ මැතිතුමා සඳහන් කළේය. සෑම ක්‍ෂේත‍්‍රයකින්ම, විශේෂයෙන් වෙළෙඳ සබඳතා, භාණ්ඩ හා සේවා හුවමාරුව තදින් වර්ධනය කර ගැනීමට ඇති හැකියාවන් සොයා බැලීම ශ‍්‍රී ලංකාවේ අභිලාෂය බව ද එතුමා පැවසීය.


    ඉරානයේ අධිෂ්ඨානය ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම බව ජනාධිපති රොහානි මැතිතුමා සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ මහා සභාවේ සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් හි දී අවසන් වරට පැවති හමුව සිහිපත් කළ රොහානි මැතිතුමා, යළි ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා හමුවීම ඉමහත් සතුටට හේතුවක් යැයි පැවසීය. දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට සිය රට දැඩි උනන්දුවක් දක්වන්නේ යැයි ද එතුමා කීය.


    ශ‍්‍රී ලංකාවේ විවිධ යෝජනා ක‍්‍රම සඳහා ඉරානය දෙනු ලබන නිරන්තර සහයෝගය ගැන ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා ඉරාන ජනාධිපතිතුමාට ස්තුතිය පුද කළේය.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරු, විදේශ අමාත්‍යාංශ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ චීනයේ ශ‍්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතා ද සාකච්ඡාවට එක්ව සිටියහ.


    HC/NP_PS&IMU_Photos by: Sudath Silva

    President Rajapaksa and Iranian President Hold Bilateral Discussions

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya