අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් සාකච්ඡා පවත්වති

    මැයි 21, 2014

    ආසියාවේ අන්තර් ක‍්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා දැන් චීනයට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන් කී-මූන් මහතා අද (21) සවස හමුවූහ.


    2009 දී බන් කී-මූන් මහතාගේ ශ‍්‍රී ලංකා සංචාරයෙන් පසු රට තුළ සිදු කරන ලද පශ්චාත්-යුධ සංවර්ධන කටයුතු හා අනෙකුත් ක්ෂේත‍්‍රයන් හි වර්ධනය පිළිබඳව ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා මහ ලේකම්වරයා දැනුවත් කළේය. සංවර්ධනය සියැසින් දැක බලා ගැනීමට නැවත ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසට ජනාධිපතිතුමා මහ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ ය.


    උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ ප‍්‍රගතිය පිළිබඳව බන් කී-මූන් මහතාට විස්තර කළ ජනාධිපතිතුමා, ශ‍්‍රී ලංකාව කොමිසමේ නිර්දේශවලින් 30%ක් පමණ ක‍්‍රියාවට නංවා ඇති බව පෙන්වා දුන්නේ ය.

     

    HE  UN Sec-Gen Hold Discussions


    “උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේ ඔබගේ නායකත්වය මම අගය කරනවා”, යැයි සඳහන් කළ බන් කී-මූන් මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහය කෙරෙහි ජනාධිපතිතුමා දක්වන කැපවීම ද අගය කළේය.


    ඉඩම් හිමිකාරිත්වය වැනි සමහර ගැටලු ආමන්ත‍්‍රණය කිරීමට කලක් ගත වුව ද ශ‍්‍රී ලංකාව උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන ක‍්‍රියාවලියට කැප වී සිටින බව ජනාධිපතිතුමා ද විස්තර කළේය.


    යුද්ධයේ දී සිදු වූවා යැයි පැවසෙන උල්ලංඝනය කිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා දේශීය ක‍්‍රමවේදයක් ක‍්‍රියාවට නැංවීමට ශ‍්‍රී ලංකාව පූර්ණ වශයෙන් කැප වී සිටින බව ද ජනාධිපතිතුමා මහ ලේකම්වරයාට පැවසීය.


    ජාත්‍යන්තර පරීක්‍ෂණයක් “අපගේ ජනතාවගේ දැක්ම සමග” අනුකූල නොවන බව පැවසූ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල නවතම යෝජනාවේ පරිච්ඡේද 02 හා 10 පවතින පරස්පරතා පෙන්වා දුන්නේ ය.


    ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමග අඛණ්ඩව කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.


    ශ‍්‍රී ලංකාව ඉහළ වර්ධනයක් ළඟා කර ගෙන ඇති බව පෙන්වා දුන් බන් කී-මූන් මහතා 2014 ලෝක තරුණ සමුළුව සාර්ථකව පැවැත්වීම පිළිබඳව ශ‍්‍රී ලංකාවට සුබ පැතීය.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරු, විදේශ අමාත්‍යාංශ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ චීනයේ ශ‍්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතා ද සාකච්ඡාවට එක්ව සිටියහ.

     
    HC/NP_PS&IMU_Pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya