අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 94කින් පරදී

    මැයි 21, 2014

    එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩු පක්ෂයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 94කින් මීට සුළු මොහොතකට පෙර පරාජය විය.

     

    පාර්ලිමේන්තුවේ දින දෙකක් විවාදයට ගත් විශ්වාසභංග යෝජනාව අද (21) පස්වරුවේ නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ඡන්ද විමසීමට යෝජනා කළ අවස්ථාවේ එම ඡන්දය නම් අඬගසා ගැනිය යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ඉල්ලා සිටියේය.

     

    ඒ අනුව නම් අඬගසා ඡන්ද විමසූ අතර විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්ද 151ක් ද පක්ෂව ඡන්ද 57ක් ද ලැබිණි. එජාප, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ දෙමළ සන්ධාන මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළහ.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya