අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ ආණ්ඩුව තිබෙන තුරු පොහොර සහනාධාරය දෙනවා

    මැයි 21, 2014

    මේ වන විට කන්න 08ක් පොහොර සහනාධාරය දී ඇති අතර එය කවදාවත් නතර නො වූ බවත් අපේ ආණ්ඩුව තිබෙන තාක් කල් පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.


    පොහොර සහනාධාර වැඩපිළිවෙළ මහා භාණ්ඩාගාරය ණය ගිවිසුමක් අනුව ක්‍රියාත්මකයි. 90%ක ණය සහනයක් පොහොර සඳහා ලබා දෙනු ඇත. රුපියල් මිලියන 55ක් සහනාධාර ‍ලෙස ගෙවයි. මේ නිසා සීමාසහිත ලංකා පොහොර සමාගම ලාභ ලබන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. කොහොමහරි පොහොර සහනාධාරය ජනතාවට ලබා දෙන නිසා ඇතැමුන්ට අමාරු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya