අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය ගැටලුවට තනි ආණ්ඩුවකට විසඳුම් සෙවිය නොහැකියි

    මැයි 21, 2014

    මත්ද්‍රව්‍ය ගැටලුව ගෝලීය ප්‍රශ්නයක් බවත් තනි ආණ්ඩුවකට මීට විසඳුම් සෙවිය නොහැකි නිසා ඒ සඳහා සාමූහික ප්‍රයත්නයක් දැරීම අවශ්‍ය බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් රජයට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ දී අදහස් දක්වමිනි. අද මේ යෝජනාව විවාදයට ගන්නා දෙවැනි දිනයයි.


    පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කිසිදු පදනමක් නැති යෝජනාවක් ගෙනවිත් ඇත. ලබන වසර වන විට මැතිවරණ 02ක් එනවා. අවංකවම මත්ද්‍රව්‍ය ගැන විවාදයක් ගන්න අවශ්‍ය නැහැ. මෙය අපේ රටට පමණක් සීමා වූ දෙයක් නොවේ. කලාපීය, ගෝලීය ප්‍රශ්නයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ගැන විශේෂ නීති පනවා, කමිටු පත්කිරීමට ක්‍රියාකර තිබෙන බවත් දකුණු ආසියානු රටවලුත් මීට නීති ගෙනවිත් ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, ඉතියෝපියාව, අප්‍රිකා මහද්වීපයේ රටවල් ඇතුළු රටවල ආර්ථික ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මේ සඳහා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙන ඒම ප්‍රමාණවත්ද? තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දේශපාලන අභියෝග හැසිරවීමට මෙවැනි දේ යොදා ගැනීම සුදුසු නොවන බවත් ඒ නිසා මේ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya