අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති රාජ්‍ය ප්‍රධානීන් හමුවේ

    මැයි 21, 2014
    චීනයේ දී පැවැත්වෙන අන්තර් ක‍්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ 4 වැනි සමුළුවට සහභාගිවීම සඳහා එහි පැමිණ සිටින රාජ්‍ය නායකයින් සහ නියෝජිතවරුන් ඊයේ (20) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය. 
     
    රාජ්‍ය නියෝජිතවරුන් වෙනුවෙන් චීන ජනාධිපති Xi Jinping මහතා සහ ජනාධිපති ආර්යා Peng Liyuan මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මංගල භෝජන සංග්‍රහය අතරවාරයේ දී මෙම හමුව පැවැත්විණි. භෝජන සංග්‍රහය ෂැංහයි අන්තර්ජාතික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. 
     
    මෙම අවස්ථාවට පැමිණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා චීන ජනාධිපති Xi Jinping මහතා විසින් පිළිගන්නා ලදී. 
     
    මෙහිදී අන්තර් ක‍්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ 4 වැනි සමුළුවට සහභාගිවීම සඳහා එහි පැමිණ සිටින රාජ්‍ය නායකයින් චීන ජනාධිපතිවරයා හා ජනාධිපති ආර්යාව සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.
     
    DB
     
    HE MET HEAD OF STATE 1
     
     
     
     
    HE MET HEAD OF STATE 2
     
     
     
    HE MET HEAD OF STATE 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya