අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාපය මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ දේශපාලන වාසි ගැනීමටයි

    මැයි 20, 2014

    ක්‍රමෝපාය සංවර්ධන පනතේ යෝජනාවලට අපේ පක්ෂය සහය නොදුන් නිසා
    දේශපාලන වාසි ගැනීමට එක්සත් ජාතික පක්ෂය මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජයට එරෙහිව මේ විශ්වාසභංග යෝජනාව ගෙනා බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.


    අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් රජයට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ දී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.


    විශ්වාසභංග යෝජනාවේ සඳහන් කරුණු පිළිගත නොහැකි බව කී ඒ මහතා තමන් ඊට විරුද්ධ බවත් මේ සඳහා තම සහය ලබා ගැනීමට හැකිවේ යැයි එජාපය සිතුවා නම් ඔවුන්ගේ මෝඩකම පෙනෙන බවත් සඳහන් කළේය.


    මත් උවදුර මැඬලීම සඳහා රජය ඉතා හොඳින් කටයුතු කර ඇති ආකාරය සිරගතව සිටින අයගේ ප්‍රමාණයෙන් තේරුම් ගත හැකි බව පැවසූ අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට දඬුවම් කිරීම වසරින් වසර වැඩි වී ඇතැයිද පැවසීය.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya