අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය මර්දනයට ප්‍රබල ලෙස කටයුතු කර ඇති එකම රට ශ්‍රී ලංකාවයි

    මැයි 20, 2014

    මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තරම් තද පියවර ගෙන ඇත්තේ කුමන රටදැයි රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විමසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් රජයට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී අදහස් දක්වමිනි.


    කොටි ත්‍රස්තවාදය විනාශ කළ රජය විෂ මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීමට පියවර ගෙන තිබෙන බව ඇමරිකානු තානාපතිනිය ද සිය වාර්තාවක් මඟින් සනාථ කර තිබෙන බවත් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හෙළිදරව් කරන යෝජනාවක් ගෙන ආවා නම් ඊට සහය දක්වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    මේ විශ්වාසභංග යෝජනාවට අපේ සහය නොමැති බව පැවසූ අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය මර්දනයට ප්‍රබල ලෙස කටයුතු කර ඇති එකම රට ශ්‍රී ලංකාව බවත් ඒ වැඩපිළිවෙළ හමුවේ වෙලේ සුදාලා අතුරුදන්ව ඇති බවත් කීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya