අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්ථානය සැමවිටම ශ‍්‍රී ලංකාවට සහය දක්වනවා - පකිස්ථාන ජනපති

    මැයි 20, 2014

    අද (20) සවස චීනයේ ෂැංහයි නුවර දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් (Mamnoon Hussain) මැතිතුමා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී එතුමා ශ‍්‍රී ලංකාවට පාකිස්ථානයේ නොසැලෙන සහයෝගය පළ කර සිටියේය.

    “පාකිස්ථානය ඔබ සමගයි”, ජනාධිපති හුසේන් මැතිතුමා පැවසීය. “අපි ත‍්‍රස්තවාදයෙන් පීඩා වින්දා. තවමත් පීඩා විඳිනවා. දෙවියන්ගේ කැමැත්තෙන් අපි මේ උවදුරෙන් මිදෙනවා”

    හෙට ආරම්භවීමට නියමිත අන්තර් ක‍්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ 4 වැනි සමුළුවට බාහිරව මෙම හමුව පැවැත්වුණි. ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා අද උදෑසන චීනයට ළඟා වූ අතර, හෙට සමුළුව ඇමතීමට නියමිත ය.

     

    “පාකිස්ථානය සැමවිටම අන්තර්ජාතික වේදිකාවල දී ශ‍්‍රී ලංකාවට සහය දක්වනවා”, යයි පැවසූ පාකිස්ථාන ජනාධිපතිතුමා එය එසේ වන්නේ ශ‍්‍රී ලංකාවට එරෙහිව එල්ල වන චෝදනා කිසිසේත් තර්කානුකූල නොවන නිසා බව තවදුරටත් පැහැදිලි කළේය.

     

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු යුධ සමයේ දී හා ඉන්පසුව ශ‍්‍රී ලංකාවට සහය දැක්වීම පිළිබඳව ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා පාකිස්ථානයට සිය ස්තුතිය පුද කළේය.

     

    යුද්ධය අවසන් වනවාත් සමග රජය විසින් ගත් පශ්චාත්-යුධ පියවර පිළිබඳව විස්තර කරමින් “මම අවදානමක් ගත්තා”, යයි රාජපක්‍ෂ මැතිතුමා පැවසීය. “හිටපු සටන්කරුවන් 14,000ක් අපි සමාජගත කළා. ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ හොඳම අධිකාරිය සමාජය බව මට හැඟී ගියා. යුද්ධය අවසන් වී මසක් තුළ අපි ළමා සොල්දාදුවන් 595 දෙනෙකු නැවත ඔවුන්ගේ දෙමාපියන්ට භාර දුන්නා. එය අවදානමක්. එහෙත් එය වටින බව මම සිතනවා”.

     

    “ඔබට සුබපැතුම්” පාකිස්ථාන ජනාධිපතිතුමා සඳහන් කළේය. “එය විශාල ජයග‍්‍රහණයක්” එය ඔබගේ ජනතාවට හා රජයට දීර්ඝ සටනක්, ඔබ විසින් භාවිත කළ ප‍්‍රතිපත්තීන් කුමක් වුව ද ඒවා සාර්ථක බව පැහැදිලියි”, එතුමා කීය.

     

    ශ‍්‍රී ලංකාව පාකිස්ථානය කෙරෙහි දක්වන සහයෝගය පිළිබඳව ද හුසේන් මැතිතුමාට පැහැදිලි කළ රාජපක්‍ෂ මැතිතුමා, ශ‍්‍රී ලංකාව සමග පවත්නා සබඳතාවන් පිළිබඳ සිය රටේ හැඟීම් ගැන ද විස්තර කළේය.

     

    “ශ‍්‍රී ලංකා ජනතාව හා ශ‍්‍රී ලංකා රජය අපිට සැමවිටම සහය දැක්වූවා”, ජනාධිපති හුසේන් මැතිතුමා පැවසීය. “රටවල් කිහිපයක් කෙරෙහි පමණක් අප තුළ විශේෂ හැඟීමක් තිබෙනවා”.

     

    දෙරට අතර ක‍්‍රිකට් සංචාර නැවත ආරම්භ කිරීම පිළිබඳව ද රාජ්‍ය නායකයෝ දෙපළ සාකච්ඡා කළහ. මේ වසර අග දී පාකිස්ථාන කණ්ඩායම ශ‍්‍රී ලංකාවෙහි ක‍්‍රීඩා කිරීමට නියමිත ය. “අපි එහි ගොස් ක‍්‍රීඩා කළ යුතුයි. පාලනය කිරීමේ අයිතිය ත‍්‍රස්තවාදීන් සතුකර ගැනීමට අපිට ඉඩ දිය නොහැකියි”, ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා සඳහන් කළේය.

     

    සාකච්ඡාවට ලක් වූ අනෙකුත් ක්ෂේත‍්‍ර අතරට වෙළෙඳ සබඳතා තර කර ගැනීම ඇතුළත් විය. “අපි ප‍්‍රථමයෙන් නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹියේ ශ‍්‍රී ලංකාව සමගයි”, ජනාධිපති හුසේන් මැතිතුමා කීය. කෙසේ වෙතත් දෙරට අතර වෙළෙඳ සබඳතා ඉහළ නැංවීමේ විශාල ඉඩප‍්‍රස්ථා පවතින බවට දෙරටේ නායකයෝ එකඟ වූහ. අවස්ථා ගවේෂණයට පෞද්ගලික අංශයට ඉඩ සලසමින් දෙරට අතර ව්‍යාපාර දූත හුවමාරුව සාකච්ඡාවට ලක් වූ එක් විකල්පයකි.

     

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරු, විදේශ අමාත්‍යාංශ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ චීනයේ ශ‍්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතා සාකච්ඡාවට එක්ව සිටියහ.


    HC/NP_PS&IMU_Pix By: Sudath Silva

    HE and President Hussain   Bilateral Discussion 1

    HE and President Hussain   Bilateral Discussions 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya