මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පකිස්තාන් ජනපතිවරුන් හමුවේ

    මැයි 20, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පකිස්ථානයේ ජනාධිපති මම්නූන් හුසේන් (Mamnoon Hussain) මහතා සමඟ අද (20) චීනයේ ෂැංහයි නුවරදී ද්විපාර්ශවික සාකච්ඡාවක් පවත්වා ඇත.
     
    ආසියාවේ අන්තර් ක‍්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ 4 වන සමුළුව (CICA) අතරවාරයේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇත. 
     
    ඉදිරියටත් අඛණ්ඩව පකිස්තානු රජයේ සහයෝගය, අනුග්‍රහය ශ්‍රී ලංකාව වෙත ලබාදීමට මෙහිදී පකිස්ථාන් ජනාධිපති  Mamnoon Hussain මැතිතුමා සහතික වී ඇත. 
     
    මෙම සාකච්ඡාව අතරවාරයේ දී ජනාධිපතිවරුන් දෙදෙනා දෙරටේ ක්‍රිකට් සංචාරයන් සම්බන්ධයෙන් මෙන් ම දෙරට අතර පවතින වාණිජ කටයුතු වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කළහ.
     
    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධාන ගාමිණී සේදර සෙනරත්, චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහත්වරුන් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    HE MET PAK PRESIDDENT 1
     
     
     
    HE MET PAK PRESIDDENT 2
     
     
     
    HE MET PAK PRESIDDENT 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya