අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රශ්න පත්‍රයට ඕනෑම භාෂාවකින් පිළිතුරු දිය හැකියි

    මැයි 20, 2014

    නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රශ්නපත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දුන්නත් ඕනෑම මාධ්‍යයකින් ඊට පිළිතුරු ලබා දිය හැකි බවත් අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂා කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවත් අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරයේ දී දිඟාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය; ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ප්‍රශ්න පත්‍රයක් ලබා දීම සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ දරුවන්ට කරන අසාධාරණයක් නොවේදැයි ඇසූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.


    නීති හා අධ්‍යාපන කොමිසම ගෙන ඇති මෙම තීරණයට අදාළ රෙගුලාසි ඉදිරිපත් කිරීම ඉදිරියේදී සිදුකරනු ඇතැයිද ඔහු කීය.

     

    නීති විද්‍යාලයට බඳවා ගැනීමේදී දැනට නීතිය හදාරණ වැඩිහිටි සිසුන්ට ඇතුළත් වීමට නොහැකි වන අයුරින් රෙගුලාසි සකස් කර ඇති බවට කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙර්රා මහතා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා එවැනි තීරණයක් කොමිසම තවම ගෙන නොමැති බව සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya