මැයි 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් සක්‍රීය සේවයට

    මැයි 20, 2014

    ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක තුළ සක්‍රීය සේවය සඳහා සේනාධිනායක, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කැඳවනු ලැබ ඇති බව අද (20) පාර්ලිමේන්තුවට නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා දැනුම් දෙන ලදී.


    අද පාර්ලිමේන්තුව ආරම්භයේ දී ජනාධිපතිතුමාගේ නිවේදන යටතේ; ජනාධිපතිතුමා විසින් (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය යටතේ මෙම ප්‍රකාශනය නිකුත් කරන ලද බව නිවේදනය කෙරිණි.


    ත්‍රස්තවාදය සහ යම් මහජන කැළඹීමක් වැළැක්වීම සහ මැඬ පැවැත්වීම පිණිස මෙම ප්‍රකාශනය නිකුත් කරන බව එම නිවේදනයේ සඳහන් වේ.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya