අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරිමාර්ග සංවර්ධනයට බිලියන 39ක් රජය වෙන්කර තිබෙනවා

    මැයි 20, 2014

    මේ රජය රුපියල් බිලියන 39ක් වාරි කර්මාන්තය වෙනුවෙන් වෙන් කර ඇති අතර සමස්ත වයඹ පළාතේ ජල හිඟය අවසන් කිරීමට දැනටමත් කටයුතු කරමින් පවතින බවත් ඒ සඳහා මහා ජල ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන බවත් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    අදියර 02ක් යටතේ මේ ව්‍යාපෘති ක්‍රියාත්මකයි. නාලන්දා ජලාශ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 500ක් වැය කර ඇත. වේලි ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මෙහි 40%ක වැඩ අවසන් ව තිබේ. මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ කටයුතු 40%ක් අවසන්ව ඇති අතර කළු ගඟ ජලාශ ව්‍යාපෘති ආරම්භ කර තිබේ. මේ ජලාශ දෙකෙහි ජලය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බෝවතැන්නට ගෙන ගොස් කුරුණෑගලට ගෙන ඒමට කටයුතු කරනු ඇත. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් ලැබේ. ඊට අදාළ ගිවිසුම් අත්සන් කර අවසන්ය. මේ පිළිබඳ පරිසර කමිටු අධ්‍යයන කර ගෙන යන අතර පරිසර අධිකාරිය හා වන සංරක්ෂණ අංශවල සහය ලැබේ. මේ පිළිබඳ ව ජනතාවටත් අදහස් දැක්වීමට අවස්ථාව ලබාදෙමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    කුරුණෑගල දැදුරු ඔය ජලාශය ඉදිකර ඇත්තේ දේශීය මුදල් හා දේශීය තාක්ෂණය යොදා ගනිමිනි. වාරි ක්ෂේත්‍රයේ අති දැවැන්ත ක්‍රියාවලියක් වන මෙය ඉදිකිරීමේදී පළමුව ජනතාව විරුද්ධ වුණත් මේ වන විට ජනතාව ප්‍රශංසාව හිමි වී ඇතැයිද ඔහු කීය.


    මා ඔය ව්‍යාපෘතිය ලෝක බැංකු මුදල් යොදා ගනිමින් ඉදිකරනු ඇත. හක්වටුනාව වාරි ව්‍යාපෘතියේදී පවුල් 3500කට ප්‍රතිලාභ හිමි වේ. හක්වටුනාව ඔය ද්‍රෝණිය හරහා මහවැලි ගඟේ ජලය හැරවීමක් මේ ව්‍යාපෘතියෙන් සිදු වේ. වාරි ක්ෂේත්‍රයේ පුනරුදයක් සිදු වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya