මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති චීනයේ ෂැංහයි නුවරට ළඟා වෙයි

    මැයි 20, 2014

    සිය චීන චාරිකාව ආරම්භ කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද (20) උදෑසන චීනයේ ෂැංහයි නුවරට ළඟා විය. සිය චාරිකාවේ දී රාජපක්‍ෂ මැතිතුමා ආසියාවේ අන්තර් ක‍්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ 4 වන සමුළුවට (CICA) සහභාගී වනු ඇත.


    ෂැංහයි හි පූදොංග් (Pudong) අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දී ජනාධිපතිතුමා පිළිගන්නා ලද්දේ ෂැංහයි මහ නගර සභාවේ නියෝජ්‍ය මහ ලේකම් හුවෑංග් රොංග් (HuWang Rong), විදෙස් රටවල්වල මිත‍්‍රත්වය සඳහා වන ෂැංහයි මහජන සංගමයේ විධායක උප සභාපති වෑංග් ෂි ඕෂු (Wang Xiaoshu) හා චීනයේ ශ‍්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ යන මහත්වරුන් විසිනි.


    ජනාධිපතිතුමා හෙට (21) ආසියාවේ අන්තර් ක‍්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ සමුළුව ඇමතීමට ද නියමිතයි. සමුළුවට සහභාගී වීමට අමතරව රාජපක්‍ෂ මැතිතුමා, සමුළුවට සහභාගී වීම සඳහා චීනයට පැමිණ සිටින රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වනු ඇත.


    රාජපක්‍ෂ මැතිතුමා අද සවස චීන ජනාධිපති ෂී ජින්පින්ග් (Xi Jinping) මැතිතුමා හා ජනාධිපති ආර්යා පෙංග් ලියුආන් (Peng Liyuan) මැතිණිය විසින් පවත්වනු ලබන පිළිගැනීමේ භෝජන සංග‍්‍රහයට හා සන්ධ්‍යා සංස්කෘතික උළෙලට සහභාගී වනු ඇත.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න සහ ලුතිතන් යෝෂිත රාජපක්‍ෂ යන මහත්වරු මේ චාරිකාවට එක්ව සිටිති.

     

    NDH/pmu

     

    01 2

     

    05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya