අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා ආසියානු සමුළුවට සහභාගී වීම සඳහා චීනයට යයි

    මැයි 19, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හෙට ෂැංහයි නුවර දී ඇරඹෙන ආසියාවේ අන්තර් ක‍්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ සමුළුවට (Conference on Interaction and Confidence Building Measures in Asia - CICA) සහභාගී වීම සඳහා චීනයට යයි.


    මෙවර සමුළුවේ තේමාව වනුයේ “විශ්වාසය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම හා සාමකාමී හා ස්ථාවර නව ආසියාවක් ගොඩනැගීම” යන්නයි. ජනාධිපතිතුමා මේ සමුළුව අමතා කතා කිරීමට නියමිත ය.  


    “ආසියාවේ අන්තර් ක‍්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ” සාමාජික රටවල් 23කි. ඒ ඇෆ්ගනිස්ථානය, අසර්බයිජානය, බහරේන්, කාම්බෝජය, චීනය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරානය, ඉරාකය, ඊශ‍්‍රායලය, ජෝර්දානය, කසක්ස්ථානය, කිර්ගිස්ථානය, මොංගෝලියාව, පකිස්තානය, පලස්තීනය, කොරියානු ජනරජය, රුසියාව, තජිකිස්ථානය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උස්බෙකිස්ථානය සහ වියට්නාම රාජ්‍යය යි.


    ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, පිලිපීනය, කටාර්, යුක්රේනය සහ එක්සත් ජනපදය සමුළුවේ නිරීක්‍ෂණ තත්ත්වය හිමිකර ගෙන සිටී.


    සමුළුව ආසියාවේ සහ සෙසු ලෝකයේ සාමය, ආරක්‍ෂාව හා ස්ථාවරත්වය අතර සමීප සබඳතාවක් ඇතැයි යන පිළිගැනීම මත පදනම්ව ආසියාවේ සාමය, ආරක්‍ෂාව හා ස්ථාවරත්වය ප‍්‍රවර්ධනය අරමුණු කර ගත් සහයෝගීතාව නැංවීමේ බහු ජාතික සාකච්ඡා මණ්ඩපයකි. මෙවර රැස්වීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී-මූන් මහතා ද සහභාගී වෙයි.


    ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා චීනයේ රැඳී සිටින කාලය තුළ සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයන් ගණනාවක් සමග ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වනු ඇත.


    ශ‍්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා බෙහෙවින් ශක්තිමත් පදනමක පවතී. ඉහළ පෙළේ නායකයන් දෙරටේ කරන චාරිකා සබඳතාවන්හි ප‍්‍රධාන තැනක් ගනී. ජනාධිපතිතුමා පසුගිය මස චීනයේ කළ රාජ්‍ය චාරිකාවේ දී එරට ජනාධිපති ෂී ජින්පින්ග් (Xi Jinping), අග‍්‍රාමාත්‍ය ලී කේකියෑන්ග්  (Li Keqiang) සහ උප ජනාධිපති ලී යුආන්චා ඕ (Li Yuanchao) යන මහත්වරුන් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.


    චීනයේ මිලිටරි කොමිසමේ උප සභාපති එයාර් චීෆ් මාෂල් සූ ක්විලියැං (Xu Qiliang) මහතා ප‍්‍රමුඛ ඉහළ පෙළේ ආරක්‍ෂක හමුදා දූත පිරිසක් පසුගිය සතියේ ශ‍්‍රී ලංකාවට පැමිණියහ.

     

    HC/NP_PS&IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya