අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතෘ භූමියේ නාමය ලොව රැන්දු පුංචි හපනුන්ට ජනපතිගෙන් සුබ පැතුම්

    මැයි 19, 2014
    අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැති අන්තර් ජාතික විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනයේ ජයග්‍රහණ ලබාගත් සිසුන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය.
     
    තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඩබ්.ඒ. නාමල් උදාර, කඳාන දි මැසිනඩ් විද්‍යාලයේ නිපුන් කවිෂ්ක, කොළඹ නාලන්දා විද්‍යාලයේ රකිත දිල්ශාන් මාලේවන සිසුන් මෙලෙස ජනාධිපතිතුමා හමුවූවන් අතර වේ.
     
    මාතෘ භූමියේ නාමය ලොව රැන්දු පුංචි හපනුන්ට මෙහිදී තම උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමටද ආශිර්වාදය පැතීය. මොවුන්ගේ දක්ෂතා අගයමින් ජනාධිපතිතුමා ඔවුන් වෙත මුදල් තිළිණද ප්‍රදානය කළේය.
     
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍යවරුන් වන තිස්ස කරලියද්ද, එස්.එම්. චන්ද්‍රසේන, පාඨලී චම්පික රණවක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    DB
     
    HE MET SCHOOL CHILDRENS 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya