ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප ලැබූ ජයග‍්‍රහණය යුද ජයග‍්‍රහණයක් නොව සාමයේ විජයග‍්‍රහණයක් - ජනපති

    මැයි 18, 2014

    2009 දී අප ලැබූ ජයග‍්‍රහණය යුද ජයග‍්‍රහණයක් නොව සාමයේ විජයග‍්‍රහණයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (18) පෙරවරුවේ මාතර වෙරළ උද්‍යානයේ පැවති විජයග‍්‍රහණයේ 05 වැනි සැමරුම් උළෙල අමතමින් පැවසීය.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා, "2005 නොවැම්බර් මාසයේ දී ජනතාව ලබා දුන් වරම තුළින් මේ රටේ ජනාධිපතිවරයා වශයෙන්, මේ රටේ භාරකාරයා වශයෙන් ජනතාව බලාපොරොත්තු වූ ජයග‍්‍රහණය ලබාදීමට හැකි වුණා. ජනතා විශ්වාසය තහවුරු කරමින් එදා මෙන් අදත්, අද මෙන් හෙටත්, හෙට මෙන් අනාගතයටත් ජනතාව ජයග‍්‍රහණය කරවනවා. යුද්ධය පැවති සමයේදීත් ජනතාවගේ අනෙකුත් ප‍්‍රශ්න හඳුනාගෙන අප ඒවාට විසඳුම් ලබාදුන්නා. එදා යුද බිමේ සිටි හමුදා නිලධාරීන් ජයග‍්‍රහණයෙන් පසුව පැමිණියේ දියුණු වූ ගමකටයි. අප නිරාකරණය කළේ ඓතිහාසිකව නොවිසඳුනු ප‍්‍රශ්නයක්. දශක ගණනාවකට පසු උතුරේ පළාත් සභා ඡන්දය පවත්වා උතුරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදුන්නා. මුළු රටේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළා.


    වසර 30ක් පුරා අපේ රටේ දරුවන් ප‍්‍රාණ ඇපයට ගත්තා. ඒ ගැන ලෝකය අන්ධයි. ලෝක ජනමාධ්‍ය නිහඬයි. එදා ත‍්‍රස්තවාදී ග‍්‍රහණයේ සිටි ලක්‍ෂ තුනකට අධික ප‍්‍රාණ ඇපකරුවන් මුදාගත්තේ අපේ රණ විරුවන්, වෙන කවුරුවත් නෙමෙයි. කවුරු විරුද්ධ වුණත් කවුරු සහභාගී නොවුණත් මේ විජයග‍්‍රහණය සදාකල් සැමරිය යුතු" යැයි අවධාරණය කළේය.


    අති උත්කර්ෂවත් අයුරින් පැවති මේ සැමරුම් උළෙලට ත‍්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ 10,000කට ආසන්න සාමාජිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම විජයග‍්‍රහණයේ සැමරුම සඳහා එදා යුද බිමේ සිටි රණ විරුවන් සහභාගිවීමත් ඔවුන් භාවිත කළ අවි ආයුධ ආචාර පෙළපාළියේ රැගෙන යාමත් විශේෂත්වයකි.

    මේ සැමරුම් උළෙල දැකබලා ගැනීම සඳහා අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ.

     

     

    NDH/TI-dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya