අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පල්ලේකැලේ කාල්ටන් පෙර පාසලේ වි‍ශේෂ ආගමික වැඩසටහන්

    මැයි 17, 2014
    වෙසක් පොහොය නිමිත්තෙන් මහනුවර පල්ලේකැලේ කාල්ටන් පෙර පාසල විසින් සංවිධානය කළ විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) මහනුවර පල්ලේකැලේ කාල්ටන් පෙර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
     
    නාලන්දා බෞද්ධ විද්‍යාලයේ පරිවේනාධිපති, කරල්ලියද්ද උපෝසතාරාම විහාරවාසී, දර්ශණපති, පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම හිමිපාණන් වහන්සේ විසින් පෙර පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ ධර්ම දේශනාවක් ද පැවැත්වූහ.
     
    නැණ ගුණ පිරි දැහැමි දරු පරපුරක් රටට දායාද කිරීමට කුඩා අවදියේ සිටම ඔවුන් ආගමට දහමට යොමු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය මෙහිදී පෙන්වා දුන්නාය.
     
    මහනුවර පල්ලේකැලේ පෙර පාසල් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන්ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර භක්ති ගී ප්‍රසංගයක් සහ දන්සැලක්ද එහි පැවැත්විණි.
     
    DB
     
    FIRST lady p kele pre school 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya