අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමන් දේව ප්‍රතිමාවට ජනපතිගෙන් පූජෝපහාර

    මැයි 17, 2014
    ශ්‍රී පාද වන්දනා සමය නිමා කරමින් සම්ප්‍රදායානුකූලව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල පුරාණ රාජමහා විහාරස්ථානය වෙත වැඩකරවීම ඊයේ (16) සිදු කෙරුණු අතර ඊයේ පෙරවරුවේ එහි ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සුමන සමන් දේව ප්‍රතිමාවට පූජෝපහාර දක්වා ආශිර්වාද ලබා ගත්තේය.
     
    ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ තැම්පත් කිරීමට විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු රාවනා දේවාලය සහ සමන් දෙවිඳු ගමන් මාලිගය විවෘත කිරීමද ජනාධිපතිතුමා අතින් සිදුවිය.
     
    පැල්මඩුල්ල පුරාණ රාජමහා විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවඳුක් විමසා පිරිකර ද පූජා කළේය.
     
    මෙම අවස්ථාවේ දී විහාරස්ථානය වෙත අති විශාල ජනතාවක් පැමිණ සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද කතාබහ කළේය.
     
    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න, පළාත් අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya