අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණය ජයගත් අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයට ජනපති සුපැතුම්

    මැයි 13, 2014

    නොබෝදා පැවති මැතිවරණයෙන් අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය අත්කරගත් විශිෂ්ට ජයග‍්‍රහණය ගැන සුබ පතමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, දකුණු අපි‍්‍රකානු ජනාධිපති ජේකොබ් සූමා (Jacob Zuma) මැතිතුමා වෙත පණිවිඩයක් යවා තිබේ.


    “අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසය ලැබූ ජයග‍්‍රහණය ඔබේ පෞද්ගලික ජනප‍්‍රියත්වයට පමණක් නොව වර්ණ භේද විරෝධී ව්‍යාපාරයේ නෙල්සන් මැන්ඩේලා, ඔලිවර් තම්බෝ ඇතුළු වෙනත් ශ්‍රේෂ්ඨ වීරයින්ගේ පක්‍ෂයේ නොබිඳෙන ශක්තියට ද සුපැහැදිලි සාක්‍ෂියක්.  එසේම එය “වඩාත් සහභාගී ජාතික ආර්ථික සංවර්ධනය හා සමෘද්ධිය ක‍්‍රමානුකූලව අත්කර ගැනීමට ජාතික කොංග‍්‍රස් ආණ්ඩුවට ඇති හැකියාව පිළිබඳව දකුණු අප‍්‍රිකාවේ ජනතාව තබා ඇති විශ්වාසය යළි තහවුරු කිරීමක් යැ”යි, ජනාධිපතිතුමා සිය පණිවිඩයේ සඳහන් කරයි.


    ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර පවත්නා “මුල් බැසගත් මිත‍්‍රත්වය නොසැලෙන විශ්වාසය සහ හොඳ හිත” දිගටම ශක්තිමත් වනු ඇතැයි ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කර සිටී.


    අභාවප‍්‍රාප්ත නෙල්සන් මැන්ඬේලා මැතිතුමා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු 1994 සැප්තැම්බර් මාසයේ දී ශ‍්‍රී ලංකාව දකුණු අප‍්‍රිකාව සමග රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ඇති කර ගත්තේ ය. ප‍්‍රථම ශ‍්‍රී ලංකා නේවාසික දූත කාර්යාල 1997 ඔක්තෝබර් මස ප‍්‍රිටෝරියා හි ස්ථාපනය කරන ලදී. කොළඹ දකුණු අප‍්‍රිකානු නේවාසික කාර්යාලය 2007 සැප්තැම්බර් මස ආරම්භ කෙරිණ.  


    HC/NP_PS&IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya