මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික හරිත සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

    මැයි 13, 2014

    පරිසර හිතකාමී කර්මාන්ත හා සේවාවන් දිරිගැන්වීම සහ ඇගයීමේ අරමුණින් මහින්ද චින්තන ඉදිරි දැක්මේ ජාතික පරිසර ප්‍රතිපත්තිය අනුව යමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික හරිත සම්මාන උළෙල අද (12) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.


    පරිසර හිතකාමී ක්‍රියාකාරකම් සඳහා දායක වූ ආයතන, ව්‍යාපාර, කර්මාන්ත වෙනුවෙන් හෝටල් ව්‍යාපෘති, කර්මාන්ත, පාසල් ආදී ක්ෂේත්‍ර නියෝජනය කරමින් රන්, රිදී හා ලෝකඩ වශයෙන් කාණ්ඩ 03ක් යටතේ සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.


    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍යංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    DB/pmu

    04

     

    08

     

    11

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya