අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව තානාපතිවරු ශ‍්‍රී ලංකාවට අඛණ්ඩ සහය පළ කරති

    මැයි 12, 2014

    ශ‍්‍රී ලංකාවට අලුතින් පත්කරනු ලැබ සිටින තානාපතිවරු හය (06) දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර පිළිගැන්වූහ.


    ඔවුහු කොන්ගෝ තානාපති ෆීලික්ස් එන්ගොමා (Mr. Felix Ngoma), ආර්ජන්ටිනා තානාපති රාවුල් ඉග්නේසියෝ ග්වස්ටාවිනෝ (Mr. Raul Ignacio Guastavino), කොරියානු ජනරජයේ තානාපති චෑන්ග් වොන්-සෑම් (Mr. Chang Won-sam), පිලිපීනයේ තානාපති විසන්ටේ විවෙන්සියෝ ටී. බැන්ඩිලෝ (Mr. Vicente Vivencio T. Bandillo), පලස්තීනයේ තානාපති සුහයිර් හම්දල්ලා සායිද් (Mr. Zuhair Hamdallah Zaid) සහ එල් සැල්වදෝරයේ තානාපති ගිලර්මෝ රුබියෝ ෆියුන්ස් (Mr. Guillermo Rubio Funes) යන මහත්වරු වෙති.


    පසුව ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවේ දී එතුමාට සහ ශ‍්‍රී ලංකාවේ ජනතාවට සිය රාජ්‍ය නායකයන්ගේ සුභාෂිංසන පිළිගැන්වූ තානාපතිවරු ද්විපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කරනු පිණිස වැඩ කරන බවට ප‍්‍රතිඥා දුන්හ.


    “කොංගෝව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී ශ‍්‍රී ලංකාවට දිගටම සහය දෙනවා”, එන්ගොමා මහතා පැවසීය.


    සිය ධුර කාලය තුළ විශේෂයෙන් වෙළෙඳාම ඇතුළු නව ක්ෂේත‍්‍රවල සහයෝගිතා වර්ධනය තම පරමාර්ථය බව ආර්ජන්ටිනා නව තානාපති ග්වස්ටාවිනෝ මහතා කීය.


    ද්විපාර්ශවික සබඳතා ප‍්‍රසාරණය සඳහා ඉලක්ක 03ක් සපුරා ගැනීමට අදහස් කරන බව කොරියානු ජනරජයේ තානාපති වොන්-සෑම් මහතා ජනාධිපතිතුමාට පැවසීය. එම ක්ෂේත‍්‍රයන් වන්නේ ද්විපාර්ශ්වික සබඳතා පදනම තවදුරටත් තහවුරු කිරීම, වෙළෙඳ සහ ආයෝජනය ප‍්‍රවර්ධනය හා සබඳතා නව ක්ෂේත‍්‍රවලට ව්‍යාප්ත කිරීමයි.


    ගැටුම් අවසන් වීමෙන් පසු ශ‍්‍රී ලංකාව අත්කර ගත් ප‍්‍රගතිය නව තානාපතිවරුනට පැහැදිලි කළ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා ශ‍්‍රී ලංකාව පුරා ඇවිද, සෑම තරාතිරමකටම අයත් ජනයා සමග කතා කොට රටේ යථාර්ථය තේරුම් ගෙන තම රටවල් ද දැනුවත් කරන්නැයි ඉල්ලීමක් කළේය.


    විදේශ නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    HC/PS&IMU_Pix By : Sudath Silva

    Ambassador of Congo Mr. Felix Ngoma


    Mr. Felix Ngoma, Ambassador of Congo, (Resident – New Delhi)

     

    Ambassador of Argentina Mr. Raul Ignacio Guastavino

     

    Mr. Raul Ignacio Guastavino, Ambassador of Argentina, (Resident – New Delhi)

     

    Ambassador of the Republic of Korea Mr. Chang Won-sam

     

    Mr. Chang Won-sam, Ambassador of the Republic of Korea

     

    Ambassador of Philippines Mr. Vicente Vivencio T. Bandillo

     

    Mr. Vicente Vivencio T. Bandillo, Ambassador of Philippines, (Resident – Dhaka)

     

    Ambassador of Palestine Mr. Zuhair Hamdallah Zaid

     

    Mr. Zuhair Hamdallah Zaid, Ambassador of Palestine

     

    Ambassador of El Salvador Mr. Guillermo Rubio Funes

     

    Mr. Guillermo Rubio Funes, Ambassador of El Salvador, (Resident – New Delhi)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya