තිරසර ජාතික සංවර්ධනයක් සහ ස්වකීය ජනතාවගේ සහ ආර්ථිකයේ යහ පැවැත්ම උදෙසා වසර 2020 වනවිට ශ්‍රී ලංකාව වටා දුෂණයෙන් තොර සමුද්‍රික පරිසරයක් තහවුරු කිරීම පිණිස පියවර ගත යුතු යැයි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරමින් අස්වර් මහතා එසේ පැවසීය.
ශ්‍රී ලංකා වෙරළ තීරයත් සමුද්‍රයත් හානි නොවන පරිදි පවත්වා ගෙන යා යුතුව තිබෙන බවත් ශ්‍රී ලංකාවට එහි භූමිය මෙන් අට ගුණයක සාගර කලාපයක් හිමි වී තිබෙන බවත් අවධාරණය කළ අස්වර් මහතා ඉන්දියානු සාගරයේ සිදුකෙරෙන මානුෂීය කටයුතු පිළිබඳ ව දැඩි අවධානය යොමු කළ යුතු බව පැවසීය.
HC/NDH